Skip to main content

Posts

Featured

Secret Superstar - සුපිරි තාරකාවක් වීමට සිහින දකින නව යොවුන් තරුණිය....

සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් රඟන නවතම හින්දි චිත්‍රපටය Secret Superstar ඔක්තෝබර් 19 වනදා තිරගත කිරීම සඳහා මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. මීට පෙර අගෝස්තු 4 වැනිදා එම චිත්‍රපටය  තිරගත  වීමට නියමිතව තිබුණත් පසුව නිෂ්පාදකයන් විසින් එය කල් දැමීමට කටයුතු කළා. සුපිරි තාරකාවක් වීමට සිහින දකින නව යොවුන් තරුණියක් සහ සුපිරි ගායන තරුවක් වටා ගෙතී ඇති Secret Superstar චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Advait Chandan විසින්.  Aamir Khan Productions නිෂ්පාදන සමාගම වෙනුවෙන් අමීර් ඛාන් සමග කිරන් රාඕ, ආකාශ් චව්ලා, සුජේ කුට්ටි සහ ශ්‍රීනිවාස් රාඕ යන පිරිස නිෂ්පාදන දායකත්වය සපයා ඇති Secret Superstar හි අමීර් සමග සයිරා වසීම් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු සිදුකරනු ලබන්නේ Zee Studios සමාගමයි. ඔක්තෝබර් මස 19 වැනිදා සිට ලොව පුරා ප්‍රේක්ෂකයන්ට එය නැරඹීමට හැකිවනු ඇති.

Latest Posts

Chef - ඔක්තෝබර් 06 වනදා සිට......

Aksar 2 - නවතම හින්දි චිත්‍රපටය

Simran - සැප්තැම්බර් මස 15 වැනිදා සිට

‌"පද්මාවතී" චරිතය රන්ගපෑම වෙනුවෙන් දීපිකාට කෝටි 13ක්....

රන්වීර්ගේ අලුත්ම ගුටි කෑම....කම්මුල් පහර 24ට කෝටි 10ක්.

දෙවැනි ඉනිමේ "චූටි මැණිකේ"

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ “සොනාලි ටීචර්”

ළංවෙලා වස්‌සානයේ - දෙවැනි ඉනිම

කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්.

නිර්මාංශ බොලිවුඩ් තරු