Simran - සැප්තැම්බර් මස 15 වැනිදා සිට


Kangana Ranaut රංගනයෙන් දායක වන නවතම හින්දි චිත්‍රපටය Simran සැප්තැම්බර් මස 15 වැනිදා ලොව පුරා සිනමා ශාලා වෙත නිදහස් වීමට නියමිතව තිබෙනවා. කන්ගනා සමග Soham Shah, Esha Tewari Pande සහ Aneesha Joshi ඇතුළු ශිල්පීන් රංගනයෙන් සම්බන්ධ වී ඇති Simran චිත්‍රපටය Hansal Mehta ගේ අධ්‍යක්ෂණයක්.

2016 මුල් කාර්තුවේ නිෂ්පාදන කටයුතු ඇරඹි මෙය එක්සත් ජනපදයේ, ඇට්ලන්ටා හි දර්ශනතල පසුබිම් කරගනිමින් රූගත වී තිබෙනවා.
නිෂ්පාදනයෙන් Bhushan Kumar, Krishan Kumar, Shailesh R Singh සහ Amit Agarwal සම්බන්ධ වී ඇති Simran චිත්‍රපටයේ තිර පිටපත ලියා ඇත්තේ Apurva Asraniයි. Sachin-Jigar ගේ සංගීතයෙන් හැඩ වැඩ වූ Simran  සඳහා T-Series, Paramhans Creations Entertainments සහ Adarsh Telemedia යන නිෂ්පාදන සමාගම් සම නිෂ්පාදන දායකත්වය සපයා තිබෙනවා.


Comments