දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ “සොනාලි ටීචර්”





ටී.වී. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ “සොනාලි ටීචර්” මේ වන විට ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් බවට පත් වී හමාරය. එම චරිතයට පණ ‍පොවන රංගන ශිල්පිනිය වන්නේ හිමායා බණ්ඩාරය. දෙවෙනි ඉනිමේ ඇගේ භූමිකාව ගැන මෙන්ම, සිය රංගන දිවිය ගැනද තොරතුරු කියන්නට හිමායා මෙලෙස සංවාදයට එක්වූවාය.
හිමායා නිළියක් විදිහට වැඩිපුරම ජනප්‍රිය වෙන්නේ දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්ගේ චරිතයෙන්. කොහොමද දැන් සොනාලි ටීචර්ට ලැබෙන ප්‍රතිචාර?
ලැබෙන ප්‍රතිචාර ගැන නම් හිතාගන්න බැහැ. මට හිතෙනවා සොනාලි ටීචර්ට අද අපේ රටේ වෙනම ටේ‍රන්ඩ් එකක් හදන්න පුළුවන් වුණා කියලා. ඒ වගේම ගුරුවරිය කියන භූමිකාව මිතුරියක් වගේ සමීප සම්බන්ධයක් බවට පත් කරන්නටත් අද වෙනකොට සොනාලි ටීචර්ට පුළුවන් වෙලා තියෙනවා.
හිමායාට සොනාලි ටීචර් වෙන්න අවස්ථාව උදා වුණේ කොහොමද?
මට මීට කලිනුත් දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂවරයා සමග වැඩි කරලා තියෙනවා. ඒත් සොනාලි ටීචර්ගේ චරිතයට තෝරා ගත්තේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පස්සෙයි. ඒ සඳහා ඉදිරිපත් වුණ පහළොස් දෙනෙක් අතරින් මට දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් වෙන්න අවස්ථාව ලැබුණා. 
දඟකාර හිමායාට තැන්පත් සොනාලි ටීචර් වෙන්න ලැබිම අභියෝගයක් වුණාද?
ඇත්තටම ඒක අභියෝගක් වුණා තමයි. ඒත් දෙවෙනි ඉනිම කණ්ඩායමෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. මම සොනාලි වෙන්න කලින  ගුරුවරිය කියන භූමිකාව ගැන හොඳ අධ්‍යයනයක් කළා. මේ වෙද්දි මට ලැබෙන ප්‍රතිචාරවලින් මට හිතාගන්න පුළුවන් මට ඒ අභියෝගය හොඳින්ම ජයගත්තා කියලා.
එතකොට හිමායා කියන්නේ සැබෑ ජීවිතයේදීත් සොනාලි වගේ කෙනෙක්ද?
අ‍පොයි නැහැ. මම ඊට වඩා හාත්පසින්ම වෙනස්. මොකද හිමායා කියන්නේ දඟකාර වගේම හරියට ‍පොඩි ළමයෙක් වගේ කෙනෙක්. ඒත් සොනාලි කියන්නේ හරිම තැන්පත් පරමාදර්ශී චරිතයක්. නමුත් මට දැන් සැබෑ ජීවිතයේදීත් සොනාලිගේ  භූමිකාවෙන් මිදෙන්න අමාරුයි. ඒ නිසා මම ඇඳුම් තෝරා ගනිද්දි පවා සොනාලි ටීචර් කියන ප්‍රතිරූපය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.
ටෙලි නිර්මාණවලින් ජනප්‍රිය වුණාට පස්සේ හිමායට සිනමා රංගනය සඳහා දායක වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?
මේ වෙනකොටත් මම සිනමාවට පිවිසිලා ඉවරයි. ඒ “සාම” කියන චිත්‍රපටියේ ප්‍රධාන චරිතයෙන්. බෞද්ධ චිත්‍රපටියකින් සිනමාවට ප්‍රධාන චරිතයකින් අවතීර්ණ වෙන්න ලැබිම මගේ වාසනාවක්. ඒත් ඒ චිත්‍රපටය නම් තවමත් ප්‍රමාදයි.
හිමායා මේ වෙන කොට ආදරවන්තියක් කීවොත් හරිද?
ඔව්. මම මගේ පෞද්ගලික ජීවිතේ පැත්තෙන් බොහෝම ඉස්සරහිනුයි ඉන්නේ. ඒ අතර සමහර තැන්වලදී හැම කට්ටියටම මුහුණ දෙන්න  වෙන අවස්ථා නැතුවම නොවෙයි. ඒත් ආදරවන්තියක් විදිහට මම හරිම වාසනාවන්තයි කියලා මට හිතෙනවා.
හිමායා බණ්ඩාරට ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?
මට අප්පච්චි නැහැ. ඒ වගේම මගේ අම්මා අංශභාග රෝගියෙක්. මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ නවක රංගන ශිල්පිනියන් පිටිපස්සෙන් ඇවිත් එයාලා එක්කම හිඳගෙන හරි මග කියලා දෙනවා. මට එහෙම නැහැ. නමුත් මගේ අම්මගේ නිහඬ ආශිර්වාදය මාව නිතරම ශක්තිමත් කරනවා. 

Comments

Popular Posts