නිර්මාංශ බොලිවුඩ් තරු


 බොලිවුඩ ගැන නිතරම උනන්දුවක් දක්වන සිනමා රසිකයන් ට අද අපි කියන්න හදන්නෙ ආසාවටවත් මාංශ ආහාර නොගන්නා නිර්මාංශික වුන බොලිවුඩ් තරු කිහිප දෙනෙක් ගැන. ඒ අතරින් අපටත් නෑකමක් ඇති ජැකලින් පෙරමුණේ ඉන්නවා . කළින් නිර්මාංශ නොවුන ඇය අධ්‍යාත්මික වැඩසටහනකට සම්බන්ධ වුන වෙලාවකදී හිතුණ දෙයක් නිසා තමයි ඇය නිර්මාංශ වෙන්න හිතල තියෙන්නේ .
සත්තුන්ට ආදරණීය ජෝන් එබ්‍රහම් නම් කොහොමත් සත්තු මරණවට කැමැති නෑ. ඒ නිසා ඔහුත් නිර්මාංශ තරු ගොන්නට අයත් කෙනෙක්. කන්ගනා රනවුද් නිර්මාංශ වන්නට තීරණය කළේ මුම්බායේ පදිංචි වුනාට පස්සෙලු. ඒ වගේම අමීර් ඛාන් නිර්මාංශ තරු අතරට එකතු වුනෙ ඉතාම මෑතකදී. ඒ කියන්නෙ සිය පනස් වන ජන්ම දිනයට පසුව.
මුල් කාලයේ ටිකක් තරබාරු වෙලා හිටිය සොනක්ෂි සින්හා ත් පසු කාලීනව කෑම පාලනයට කරන්න ගත් නිසා දැන් නිර්මාංශ වෙලා. මේ තීරුවට අයිති තවත් සුපිරි තරුවක් තමයි කරීනා කපුර්. ඇයත් වසර ගණනක සිට නිර්මාංශ වෙලා තමයි ජීවත් වෙන්නෙ. ෂාහිඩ් කපූර් කියන්නෙත් සත්ව අයිතීන් සහ ශාකමය ආහාර ගැන නිතරම පෙනී සිටින තරුවක් . ඒ වගේම අනුෂ්කා ශර්මාත් තමන්ගේ බලු සුරතලාට දක්වන දැඩි ආදරය එක්ක නිර්මාංශ වෙලා ඉන්න තරුවක්. මොහෙන්ජදාරො චිත්‍රපටය නිසා නිර්මාංශ වුන රිතික් රෝෂන් ශක්තිමත් බව පවත්වාගෙන යාමට පමණක් බිත්තර සුදුමදය ආහාරයට ගන්නවා .

Comments