ළංවෙලා වස්‌සානයේ - දෙවැනි ඉනිම
ටෙලි නාට්‍යයකට ප්‍රේක්‌ෂකයන් ආකර්ෂණය වන්නට එහි තේමා ගීතයෙන් ලැබෙන්නේ අපූරු සහයෝගයක්. එකී තේමා ගීතයත් සාර්ථක වන්නට නම් පද රචනය, ගායනය සහ සංගීතය යන තුන් ඈඳුණු මූලාශ්‍රයන් ඉතා මනබඳිනා විය යුතුයි. එසේ ප්‍රේක්‌ෂක මන, හද බැඳුණු ගීතයක කතාන්දරය යි මේ.
නිමේෂ්, ළංවෙලා වස්‌සානයේ ගීතය ලියන්න පදනම වැටුණෙ කොහොමද ?
ඇත්තටම දෙවැනි ඉනිම තේමා ගීතයේ පද වැල ලියවෙන්නට කලියෙන් මුලින්ම තැණුනේ ඒ ගීතයේ තනුව. තනුව මම නිර්මාණය කරල යවනවා සමන් අයියට මේකට ගැළපෙන විදියට තේමා ගීතයක් නිර්මාණය කරන්න. ඔහු ලොකු කාලයක් ගන්නව මේ ගීතය නිර්මාණය කරන්න. ඒත් අවසාන මොහොතේ තමයි අපේම බලකිරීමට ඔහු ගීතය නිර්මාණය කරන්නේ. ඒකත් ලිව්වේ ගීතයේ අවසාන පද පේළියෙන් පටන් අරන් මුලින් අවසන් වෙන විදියට.

සමන්, ඔබම ඔබේ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ලියන්න හේතුව ?
මෙහෙමයි, දෙවැනි ඉනිම මම ලියාගෙන යනකොට මේකට තේමා ගීතයක් ඕන කියල මුලින් කිව්වෙ ලක්‌සිරි වික්‍රමගේ මහතා. ඩ්‍රාම එක මගේ කියල තේමා ගීතයත් මම ම ලියන්න ඕන කියල එකක් තිබුණේ නැහැ. අනික ඩ්‍රාම එක ලියනකොට සිංදු ලිය ලියා ඉන්න වෙලාවකුත් නැහැ. ඒත් ලක්‌සිරි වික්‍රමගේ මහතා කිව්වා මේක මට ම ලියන්න කියලා. බොහොම අමාරුවෙන් හිතල හිතල තමයි ලංවෙලා වස්‌සානයේ ගීතය ලියන්නෙ.

ඒ තරම් අමාරුවෙන් ලියන්න හේතුව ?
මේ ගීතයේ මුලින්ම තැනෙන්නේ මෙලඩි එක. සිංදු ලියල තිබුණට මෙලඩි එක මුලින් කරල ඒ අනුව ගීතයක් මම ලියල නැහැ. ලියන්න පුළුවන්. ඒත් මෙලඩිය අහගෙන ගීතයක් ලියන එක හරිම වෙහෙසකර අත්දැකීමක්. ඔළුවට හරි පීඩාකාරීයි. වැටක් ගහල ඒක අස්‌සෙ නටනවා වගේ වැඩක් ඒක. කොහොමහරි මට ගීතය ලියන්නම වුණා. නමුත් ඒ මගේ උපරිමය නෙවෙයි. අවසාන මොහොතේ පැය 03 ක් අරගෙන ගීතය ලියලා ලක්‌සිරි වික්‍රමගේ මහතාට සහ නිමේෂ්ට යෑව්වා.

ගීතයට ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද ?
විනාඩි 15 කට විතර පස්‌සෙ මට නිමේෂ් එව්වා Audio පටයක්. අහල බලනකොට ලක්‌සිරි මහත්මයා මං යවපු පද ටික තාලයට ගායනා කරන එකේ හඬ පටය තමයි මට එවල තිබුණේ. ගායකයෙක් නොවන කෙනෙක් එහෙම ගායනා කරපු එක ගැන මට ගොඩක් සතුටුයි. එහෙම බලනකොට මේ ගීතයේ මුල් ගායනය ලක්‌සිරි වික්‍රමගේ මහතා කියලයි මම හිතන්නෙ. ඒක මට අභිමානයක්.

නිමේෂ්, මේ ගීතය සමන් අගින් පටන් අරන් මුලින් ඉවර කරා කියන්න හේතුව ?
ඒක මෙහෙමයි. දෙවනි ඉනිම කියල මේකට නම දාන්නෙ ලක්‌සිරි මහත්මයා. ඒ නම වෙනසක් නිසා හැමෝම ඒකට කැමති වුණා. පස්‌සෙ ට්‍රේල එක දාන්න ඔන්න මෙන්න තියල සමන්ට කෝල් එකක් අරන් කිව්ව ඒකට ටැග් ලයින් එකකුත් ඉක්‌මනට ඕන කියල. විනාඩි 02 කින් විතර සමන් කිව්වා සිත් යාය මත අපේ – මල් යාය යළි පිපේ කියන එක දාන්න කියල. ඒක තමයි ගීතයේ අවසාන පද පේලිය. අතන ඉඳන් තමයි ගීතය උඩට ලියාගෙන ගියේ.

තේමාවේ අර්ථය සමන් කොහොමද දකින්නේ ?
ඒකෙන් සහ සමස්‌ත ගීතය පුරාම කියවෙන්නෙ උදේනිගේ සහ රවීගේ අතීත කතාව. ඒ කියන්නෙ කාලාන්තරය තිස්‌සෙ ජීවිතයේ දුක් විඳපු අය නැවත නැගීසිටින කාලය උදාවෙලා කියන එක. දෙවනි ඉනිමෙ අවසානයේ මොකද වෙන්නෙ කියන එකත් ඔය අතරෙ තියෙනවා.

මේ ගීතයෙන් කතාවේ ජනප්‍රියත්වයට දෙන සහය ගැන කිව්වොත් ?
ඇත්තටම මේ ගීතය වගේම සුපෙම් වී ගීතයත් නිදි නේනා ගීතයත් කතාවේ ජනප්‍රියත්වයට ලොකු හයියක්. නිමේෂ්ගේ ඒ මහන්සිය නොතිබෙන්න තරුණ පරම්පරාවෙන් 30% ක් විතර කතාවෙන් ඈත් වෙන්න තිබුණා.

නිමේෂ්ට කොහොමද මේ ගීතයට සංගීතය සකසන්න අවස්‌ථාව උදාවෙන්නේ ?
මේ ගීතයට වගේම නාට්‍යයේ සංගීතය මගෙන්. සමන් අයියා, සාරංග අයියා, සහ ලක්‌සිරි වික්‍රමගේ මහතා තමයි මට සංගීතය කරන්න කතා කළේ. අලුත් විදියකට, ෆිල්ම් සහ මියුසික් ඩ්‍රාමා එකක් වගේ යන්න තමයි අදහස තියෙන්නේ. බලමු ඉදිරියේදී අපි නොහිතන විදියට මේකේ මියුසික් වෙනස් වෙනවා.

මේ ගීතයේ මෙලඩි එක මේ විදියට ගොඩනගන්න හේතුව ?
මේ ගීතය තුළ ඉන්නේ උදේනිගේ අතීතය. ස්‌ක්‍රිප්ට් එක බැලුවම මට ආවෙ මේ බීට් එක. ඒ අනුව තමයි සංගීතය ගොඩනැගුණේ.

යශෝධා මොකද හිතන්නෙ ඔයා මේ ගීතය ගායනයට ගත්ත එක ගැන ?
ඇත්තටම සතුටුයි. Dream Star නිසා තමයි අවස්‌ථාව ලැබුණේ. එක එක්‌කෙනාට තියෙන්නෙ වෙනස් හඬ පරාසයන්. උදේනි කියන චරිතයට ගැළපෙන හඬ මගේ වෙන්න ඇති. ඒක තමයි මං හිතන්නේ.

යශෝධට මේ ගීතය ගායනය අභියෝගයක් වුණේ නැද්ද ?
අභියෝගයක් වුණේ නැත්තෙමත් නෑ. මට ස්‌ක්‍රිප්ට් එක පෙන්නල උදේනි කියන්නෙ මොනවගේ කෙනෙක්‌ද කියන එක කියල දුන්නා. ඒ හැඟීම් ගන්න මට පුළුවන් වුණේ ඒ හින්දා. හිතුවට වඩා හොඳින් මට ඒ වැඩේ කරන්න පුළුවන් වුණා. සතුටුයි ගොඩක්.

Comments
Post a Comment